Kadawara Yahana - සීතාවක රාජසිංහ දෙවියෝ

සීතාවක රාජසිංහ දෙවියෝ

 

තුන් සිංහලයම එක්සේසත් කළ අවසන් රජු ලෙස ශ්‍රී සීතාවක රාජසිංහ රජු සැලකේ.එතුමන්ගේ වීරකම් ගැන කතාකිරීමේදී  පරංගින්ට විරුද්ධව සටනට පිවිසියේ කටේ කිරි සුවඳ වහනය වන ළඳරු වියේ දී කියා පැරැන්නන් එතුමන් කෙරේ අතිශ්‍යෝක්තීන් නැගූ හ.ළදරු වියේදීම වීරකම් වලින් එම චරිතය පෝෂණය වූ නිසත්, පෘතුග්‍රීසී ජනයා වෙව්ලවීමට සමත්කම් පෑ නිසාත් සීතාවක රාජසිංහ හෙවත් පළමුවන රාජසිංහ රජු දේවත්වයට පත්වූ යේ  යුද බිමේදීම බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

පසුකාලයේ දී භික්ෂූන් සමඟ ඇති කරගත් භේදයක් නිසා එතුමාන් ශිවාගම වැළඳ ගැනීමත් සමඟ බෞද්ධ ශාසනය ආරජික කෙරවීමට පෙලඹුනි.භික්ෂුන්ටත් බුද්ධාගමටත් විශාල වශයෙන් සතුරුකම් කළ බව මහා වංශයේ සඳහන් වේ.නමුත් රණකාමී රණශූරත් වයත්,අභිමානවත් කම නිසාම මරණයෙන් පසු දේවත්වයට පත්වූ බව සඳහන් වේ.